මෛත්‍රී ගේ කතාව ගැන බොහෝ දෙනෙක් පුදුම වුණේ නැහැ. ඒ කියන්නේ ඊට පෙර ඉඳන්ම මෛත්‍රී මේ ලක්ෂණ පෙන්වමින් හිටියා.
මෛත්‍රීට වැරැද්දක් කියන්නත් බැහැ. ඔහු දේශපාලඥයෙක්. ඉතින් අයියෝ දෙයියෝ කියලා මීඩියා වලට ප්‍රසිද්ධියේ වැළපුණත් මේ වගේ සංවාදයකදී අයියෝ දෙයියෝ කියලා වැඩක් නැහැ.....
අපි ඇයි දේශපාලන නායකයන් මත බලාපොරොත්තු තියන්නේ...
මාධ්‍ය පහුගිය කාලයේ ක්‍රියාත්මක වුණ විදිය ගමු.....!!!!
චිලී ගැනත් කෝච්චියට පැනපු තරුණයෙක් ගැනත් පැන පැන වාර්තා කරන මාධ්‍ය වාර්තා කළයුතු දේවල් වාර්තා කරනවාද?
ආසන්න උදාහරණ ගත්තොත් උසාවිය නිහඬයි චිත්‍රපටිය තහනම් වුණාම ඒ ගැනත් දහම් සිරිසේන ක්ලබ් එකක කෙළපු පිස්සුව ගැනත් පෙර පාදයේ වාර්තා කරන්න මාධ්‍ය බය වුණේ මහින්ද යුගයෙන් අපි ගැලවිලා නැති නිසයි. (කොටින්ම කීවොත් මේක මහින්ද යුගයක් නෙවෙයි මහින්දටත් ඉහළින් තියෙන අවුලක යුගයක්)
සීමා පුළුල් කරගනිමින් සාධාරණත්වය වෙනුවෙන් පොඩි පොඩි දේවල් හරි කිරීමේ ත්‍රිල් එකක් අපට එන්න ඕන....
අපි එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින්න ඕන.... දැන් තියෙන ෆේස්බුක්, වෙබ් වගේ අවි පාවිච්චි කරන්න ඕන....
එකඟතාවයන් හදාගන්න ඕන......
කොටින්ම කිව්වොත් මාධ්‍ය වේදීන් එක් වුණොත් මාධ්‍ය ආයතන හිමි සල්ලිකාරයන්ගේ න්‍යායපත්‍ර කුඩු කරන්න පුළුවන්.... වෘත්තිමය විදියට සංවිධානය වුණොත් අහවල් දේ දාන්න එපා කියන්න බැහැ. ( මේ ගැන ඉදිරියේදී දීර්ඝව ලියන්න ඉන්න ඉන්නේ.)
උසාවිය ලොක්කන්ට, එපා ලොක්කන් දක්කන්ට කියන්න යෙදුම වැදගත් වෙන්නෙත් ඒ නිසා.
ගුරු වෘත්තිය පැත්තෙන් බලන්න... සමන්ති පැලකැටිය ගුරුවරිය කරපු සටන ඓතිහාසිකයි.....
ඉතින් අයියෝ දෙයියෝ කියමින් ඉඳලා හරියන්නේ නැහැ... සටන් කරන්නයි අවැසි.... සටන් කරනවා කියන්නේ සංවිධානගත වෙලා කරන සටන් වලටම නෙවෙයි... අපි එකිනෙකා අයිතීන් වෙනුවෙන් කතාකිරීමයි...
******************************************
ඇත්තටම ලංකාවේ අධිකරණයටත් පරීක්ෂණ කරන අයටත් බලපෑම් තිබුණේ මෛත්‍රී ප්‍රසිද්ධියේ මේ කතාව කරන්න ගොඩක් කලින් ඉඳලා. මේ ප්‍රසිද්ධියේ කළ කතාවක්. මීට කලින් මේ වගේ මොනතරම් කතා සිද්ධ වෙලා ඇතිද?
දහම්ගේ සිද්ධිය යටගහන්න විතරක් මොනතරම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්න ඇතිද?
අප පරාජය කළ යුත්තේ මෛත්‍රීව විතරක් නෙවෙයි. මෛත්‍රීවත් එතැනින් එහා ගියපු අපේම අයගේ ඔළුවල තියෙන සංකල්ප ගොඩකුත්....
මෛත්‍රීගේ පුතා සම්බන්ධයෙන් වාර්තා නොකරන ලංකාදීපයේ සිරී රණසිංහ, දොඹගහවත්ත... මව්බිමේ තුෂාර ගුණරත්න, හිරු ටීවී සුදේව හෝ එතැනින් එහාට මාධ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු දරණමාධ්‍ය වේදීන්........ ඔවුන් යටතේ ඉන්න මාධ්‍යවේදීන්....
ස්වාධීනත්වය නැතිකරගත්ත නිලධාරීන්..... ඔබ, මම..... කතාකරන මිනිස්සු... කතානොකරන මිනිස්සු.
මෛත්‍රීපාලට විරුද්ධ විය යුත්තේ අපි ඇතුලේම ඉන්න යක්ෂයන්වත් පරාද කළ යුතු බව සිහිතබාගනිමින්......
කොහොම වුණත් මේවා අස්සේ මෛත්‍රී කළ කතාවෙන් මතුවෙන අතුරු කතාවකුත් කියන්න ඕන.
එක් දිනක් බත්තරමුල්ලේ දුටුගැමුණු මාවත දිගේ අටේ කණුව හන්දිය පැත්තට මම එද්දී මට මුණගැහුණා ඔහු. සුනිල් ජයසේකර. කුඩා බෑග් එකක් සහ චාම් ඇඳුම් ඇඳගත් නිහතමානී මුහුණ. මල්ලී කියා ඔහු හිනාවෙලා කතාකළා. ගමේ ගිහින් එනගමන් යැයි කීවා. සුනිල් අයියා නිතර රාවයට ආවා, ගියා. ඒ දවස්වල. බස්සෙකෙන්. චාම් ඇඳුමක් ඇඳගෙන.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර.....
ජනවාරි අටවැනිදායින් පසුව ඔහු රාවයට ආවා. අත් දිග කමිසයක් හැඳගෙන. වාහනයකින්. ඉන්පස්සේ ඔහුව වරක් දෙවරක් මුණගැහුණා. කලින් නිතර දුරකථනයට උත්තර දුන් ඔහුගෙන් දුරකථනයට අඩුවෙනුයි ආවේ. සුනිල් අයියා කොහේ දෝ සැඟව ගියා.
ජනාධිපති කාර්යාලයේ සේවක සුනිල් ජයසේකර.......
මහින්ද රාජපක්ෂලා කොච්චර මාධ්‍යවේදීන්ව අතුරුදන් කළත් ඔහුට සුනිල් ජයසේකරව අතුරුදන් කරන්න බැරිවුණා. හැබැයි යහපාලනයෙන් සුනිල්ව අතුරුදන් කරවලා. දැන් ඉන්නේ වෙන කෙනෙක්.....
මේ තියෙන්න් සුනිල් අයියා ලියපු ලිපිය....
මෛත්‍රී ගැන බ්ලොග් ලෝකයෙන්....
1.පින්ච්පොයින්ට් - ඔබද ජනාධිපති මමද ජනාධිපති
ඒ නීතිය සැමට සාධාරණ විය යුතුයි ඒත් ඇතැමුන්ට එය වඩාත් සාධාරණ විය යුතුයි
බී මමත් මේවාට දැඩි පියවර ගන්නවා ඒ වුනාට මම කලින් කට්ටිය වගේ නීතියට අත ගහන්න යන්නේ නෑ
සී මම මේවා ඔක්කොම දන්නවා , ඒ වුනාට කට්ටියට යුතුකමක් තියෙනවා මාව දැනුවත් කරන්න
ඩී මම මේ රටේ විධායක ජනාධිපති, මේ වෙන දේවල් වලට මට වග කියන්න බෑ
අම්මට හුඩු ..මාර ප්‍රශ්නයක් නේ ... මම ගොවි පුතෙක් හින්දද මන්දා මෙහෙම අමාරු ප්‍රශ්නම දෙන්නේ
ඔබට ලයිෆ් ලයින් එකක් පාවිච්චි කළ හැකි බව මම මතක් කරනවා.
එහෙනම් පත්තරෙන් විස්තරේ බලන්න ඔප්ෂන් එක පාවිච්චි කරන්නං
2. මල්ලෙ පොල් - හුටන්ට මල පැනීම
මල පැනපු සොරිසේන විසින් හිටපු ආරක්ශක ලේකම් ගරු ගෝටාභය රාජපක්ශ මැතිතුමාව උසාවියට තඩ්ලාගෙන ඒම් පිලිකුල් සහගත ලෙස හෙලාදකිමින් බැන අඬගෑවේ රනිල් තුමා ගේ පත්තර සහ වෙබ් සයිට් විසින් දහම් කොලුවාට ඇටවූ උගුල නිසා කේන්ති ගොස් නොවන බව කරුණාවෙන් සැලකිය යුතුය!
3. අජිත් පැරකුම් - සුභද්‍ර මෛත්‍රීගේ අභද්‍ර කතාව
මම කියන්නේ සිවිල් සමාජය නැතිවුනාට මෛත්‍රි නැතිවෙන්නේ නැහැ. නමුත් මෛත්‍රිට රනවිරුවො නැති වුනොත් මෛත්‍රි ඉවරයි. මේක තමයි මහ පොලවේ යතාර්තය. මම මේකට කැමතියි කියනවා නෙමෙයි. සිවිල් සමාජයේ උද්ගෝශනය අන්තිම වැදගත්. නමුත් මෛත්‍රිගේ මුවින් එන්නේ ඔහුගේ වචන නොවෙයි, පවතින යතාර්තය කියලයි මම හිතන්නේ. මම ඉහත (1 to 9) පෙන්වන්න ට්‍රයි කලේ මෛත්‍රි මුවින් කුමන කතා කීවත්, තීරනාත්මක අවස්ථාවලදී ක්‍රියා කරල තියෙන්නේ මහින්ද බලවේගයට විරෝධීව බව පෙන්වීමටයි.
4. රාජ්ගෙ නවාතැන - බිහයින්ඩ් ද සීන්ස් ඔෆ් දක්කාගෙන යාම්ස්
"හලෝ..... මොකෑ හාමිනේ රෑ ජාමෙ කතා කරන්නෙ නින්ද යන්නැද්ද?"
"හරි වැඩක්නෙ මහත්තය වෙලා තියෙන්නෙ.... පුතා නයිට්ක්ලබ් එකකට ගහල කුඩුකරල.... අර ලමයිත් එක්ක...."
"හයියෝ...... බලන්න මම නැතිවුන ඩිංගට නරපු වැඩේ..... හාමිනේට බැරිවුනානෙ ඔය කිරිසප්පය බලාගන්න.... දැං මං කොහොමද රෙද්දක් ඇඳං රටට මූන දෙන්නෙ හිටං.... මම පොලිසියට කියනව ඔන්න රාජකාරිය හරියට කරන්න කියල ඕං....."
5. මාතලන් - යහපාලනේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබ
මාතලන් නම් මුල සිටම කීවේ, මුන්නැහේ කෙලින්නේ අමු පිස්සුමය කියලාය. ගහන්නේ වැල් බයිලා කියලාය. මුන්නැහේට තබා රනිල්ටවත් කිසිම විෂන් එකක් තියා මිෂන් එකක්වත් තිබුනේ නැතිය. දැන් ඇත්තේත් නැතිය. රටේ ජනතාව මෙන්ම බලාගෙන ඉන්නේ, මොකෙක් හෝ ඇවිත් ගොඩ දමාවී කියලාය. එතකන් තියෙන ටික හොරා කනවාය. මේ සම්මුති ආන්ඩුවත් අමු පිස්සුවක්ම බවත් මාතලන් කීවේය. අපේ මිනිස්සු හවුලේ කැඳත් එපාය කියන්නේ නිකන් නෙමේය. එමෙන්ම සම්මුති ආන්ඩුව පිහිටුවීමෙන් පසු රනිල් ආයෙත් ඉල්ලගෙන කනවාමයි කියලා මාතලන් ඉර හඳ කියනවා වාගෙම අනාවැකියකුත් කීවේය.



0 Comments